සුරියවැව කුලී නිවසක පවත්වාගෙන ගිය නීති විරෝධී ඉන්ධන ගබඩාවක් වටලයි

Share

සුරියවැව ගල්වැව හංදිය අසල කුලී නිවසක පවත්වාගෙන ගිය නීති විරෝධී ඉන්ධන ගබඩාවක් වටලා එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඊය‌ේ (23) දින සමත් වී තිබේ.

සුරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට ලද ත‌ොරතුරකට අනුව සුරියවැව ගල්වැව හංදිය අසල නිවසක් වටලා සැකකරු සමඟ ඉන්ධන ත‌ොගය අත්අඩංගුවට ග‌ෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වසර දෙකක පමණ කාලයක් තිස්සේ කුලියට ලබා ගන්නා නිවෙස්වල රැඳී සිටිමින් මෙම ජාවාරම කරගෙන ගොස් තිබෙන බවයි විශේෂ කාර්ය බළකාය පවසන්නේ.

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී සැකකරු පවසා ඇත්තේ දක්ෂිණ අධිවේගි මාර්ගයේ ඉදි කිරිම් සිදු කරන වාහන වලින් ලබා ගන්නා ඩීසල් මෙලෙස එක් රැස් කර නැවත අධිවේගී මාර්ගයේ වැඩ කරන ටිපර් රථ සඳහා අඩු මුදලට අලෙවි කරන බවයි.

Read more

Local News