විශේෂ මහාධිකරණයේ ප්‍රථම නඩු විභාගය අද ආරම්භ වෙයි

Share

බරපතල මූල්‍ය වංචා පිළිබඳ නඩු විමර්ශනය කිරීම සඳහා පිහිටවනු ලැබු ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ප්‍රථම නඩු විභාගය අද ආරම්භ විය.

නඩු ප්‍රමාදවීම් මග හැරවීමේ අරමුණින් පිහිටුවන ලද ප්‍රථම ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය පිහිටවනු ලැබු‌වේ පසුගිය 21 වනදා යි.

ඒ අනුව එම විශේෂ මහාධිකරණය හමුවේ විභාගයට ගැන‌‌ෙ‌න ප්‍රථම නඩු විභාගය සඳහා ප‌ෙනිසිටි‌‌යේ හිටපු ජනාධිපතිි කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි ස‌ෙනරත් මහතායි.

ගාමිණි ස‌ෙනරත් මහතා සහ තවත් සැකකරුවන් සිව්ද‌ෙන‌ෙකු අද නඩු විභාගය සඳහා කැඳවා තිබුණු අතර ඔවුන් සම්බන්ධ නඩුවට අදාළව ගාමිණි ස‌ෙනරත් ඇතුළු සැකකරුවන් සිව්ද‌ෙනාට ඇප ලබා දුන් බවයි සඳහන් වන්න‌ේ.

ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධය‌ෙන් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී ගාමිණි සෙනරත් මහතා ඇතුළු අදාළ සැකකරුවන් සිව්දෙනාට එරෙහි නඩු පවරා තිබුණි.

Read more

Local News