ග්‍රාමශක්ති ජාතික වැඩසටහන යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයට රු.මිලියන 33 ක්

Share

ග්‍රාමශක්ති ජාතික වැඩසටහන යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයට මේ වන විට රු.මිලියන 33ක මුදල් ප්‍රතිපාදන හිමිවී ඇත.

ඒ අනුව ග්‍රාමශක්ති වැඩසටහනට සමගාමීව දිස්ත්‍රික්කයේ වසම් 33 ක් තෝරාගෙන ඇති අතර ඉන් වසම් 11 ක් නිෂ්පාදන වසම් ලෙස ක්‍රියාත්මක කරන අතර අනෙක් වසම් 22 ප්‍රජා පාලිත වසම් ලෙස ක්‍රියාත්මක කෙරේ.

එක් වසමකට රු.මිලියනයක් බැගින් මෙම වසම් 33 සඳහා රු.මි. 33 ක් හිමිව ඇත. එමෙන්ම ග්‍රාමශක්ති ජනතා සමිති ලියාපදිංචිය සඳහා අවශ්‍ය සියළුම කටයුතු මේ වන විටත් අවසන් කර තිබේ.

Read more

Local News