නිකිණි පුර පසළොස්වක ‍පොහොය දිනය අදයි

Share

නිකිණි පුර පසළොස්වක ‍පොහොය දිනය අදට (25) යෙදී ඇත.

ශාසන ප්‍රතිපත්තීන්ට අනුව පෙරවස් එළැඹීමට නොහැකි වූ උපසම්පදා භික්ෂුන් වහන්සේලා නිකිනි පුන් ‍පොහෝ දිනයේ දී පසුවස් එළැඹීම සිදු කෙරේ.

සම්බුදු සසුනේ චිර පැවැත්ම උදෙසා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් රජගහ නුවරදී ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වුණේ අද වැනි පොහෝ දිනකදීය.

ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමියෝ සියලු කෙලෙසුන් නසා රහත් වී ඇත්තේ ද අදවන් දිනකදීය.

Read more

Local News