ඓතිහාසික ඇසළ මහා පෙරහැර මංගල්‍යය සාර්ථකව නිම කළ බවට සංදේශය ජනපතිට පිළිගන්වයි

Share

ලෝකවාසී බෞද්ධ ජනතාවගේ උත්තරීතර පූජනීයත්වයට පාත‍්‍ර වූ ශ‍්‍රී ලංකා රාජ්‍යත්වයේ මුදුන් මල්කඩ ලෙස සලකන මහනුවර ශ‍්‍රී දන්ත ධාතුන් වහන්සේ උදෙසා නොකඩවා පවත්වන වාර්ෂික ඇසළ මහ පෙරහැර මංගල්‍ය පෞරාණික චාරිත‍්‍රවලට ගරුකරමින් මෙවර ද සාර්ථකව පවත්වා අවසන් කළ බවට සංදේශය, සාම්ප‍්‍රදායානුකූලව දියවඩන නිලමේ තැන්පත් නිලංග දෑල මහතා විසින් ඊය‌ේ (26) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත භාරදෙනු ලැබීය.

පෙරහරින් ජනාධිපති මන්දිරය වෙත පැමිණි දියවඩන නිලමේ නිලංග දෑල මහතා ඇතුළු සතර මහ දේවාලවල සහ පිටිසර දේවාලවල නිලමේවරුන්ව ජනාධිපති මන්දිරයේ ප‍්‍රධාන දොරටුව අභියසදී ජනාධිපතිතුමා විසින් පිළිගනු ලැබීය.

අනතුරුව දියවඩන නිලමේවරයා විසින් සාම්ප‍්‍රදායානුකූලව සංදේශය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

Read more

Local News