ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර සබඳතා තවත් ශක්තිමත් වෙයි

Share

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර සාම්ප්‍රදායික සබඳතා තව තවත් පුළුල් කරමින් දේශපාලන සහයෝගීතා ඔස්සේ ආර්ථික සබඳතා ශක්තිමත් හා පුළුල් කරලීමට දෙපාර්ශ්වයම කටයුතු කළ බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ වියට්නාමයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය ෆාම් බින් මින් මහතා අතර පැවැති සාකච්ඡාවේ දී අවධාරණය කෙරිණි.

වියට්නාමයේ හැනොයි නුවර ඉන්දීය සාගර සමුළුවට පූර්වගාමීව වියට්නාම විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ඊයේ (27) මෙම හමුව පැවැත්විණි.

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ද්විපාර්ශ්වික වෙළෙදාම 2020 වන විට අමෙරිකානු ඩොලර් බිලියනයක් දක්වා ඉහළ නැංවීම සඳහා නිරන්තර සාකච්ඡා සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණි.

වියට්නාම නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා පැවසූයේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය වසරේ නිල සංචාරයක් සඳහා වියට්නාමයට පැමිණීමෙන් ද, මෙම මාසයේ ඉන්දීය සාගර සමුළුව සඳහා සහ ලබන මාසයේ ලෝක ආර්ථික සමුළුව සඳහා වියට්නාමයට පැමිණීමෙන් ද පිළිබිඹු වන්නේ තම රට කෙරෙහි දක්වන මිත්‍රශීලී ආකල්පය බවය. ඒ සම්බන්ධයෙන් නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා වික්‍රමසිංහ මහතාට කෘතඥතාව පළ කළේය.

Read more

Local News