දුම්රිය වැඩ වර්ජනය අත්හිටුවයි

Share

දුම්රිය නියාමක, රියදුරු, ස්ථානාධිපති සහ පාලකවරුන් හෙට (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වැඩ වර්ජනය අත්හිටුවීමට දුම්රිය වෘත්තීය සමිති ඊයේ (27) තීරණය කළ බව දුම්රිය සංගම් පැවැසීය.

දුම්රිය ශ්‍රේණි විසමතාව නිවැරදි කර තමන්ට හිමි වැටුප් තල ලබා ගැනීම සම්බන්ධ ගැටලුව පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ වෘත්තීය සමිති නියෝජිතයන් අතර ඊයේ පස්වරුවේ පැවැති සාකච්ඡාවේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම තීරණයට එළැඹි ඇත.

Read more

Local News