අතිරේක රෙජිස්ට්‍රාර්වරුන්ට ලැප්ටොප් පරිගණක බෙදාදීම අදයි

Share

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන්, කාර්යක්‍ෂම මහජන සේවාවක් උදෙසා ප්‍රාදේශීය පාලනය ශක්තිමත් කිරීම සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇගයීම වෙනුවෙන් පැවති තරඟාවලියේ ත්‍යාග හා සහතික පත් ප්‍රදානය ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31)  දින මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නව ශ්‍රවණාගාරයේදී සිදු කිරීමට නියමිතය.

මෙයට සමගාමීව මහනුවර දිස්ත්‍රික්කයේ අතිරේක රෙජිස්ට්‍රාර්වරුන් සඳහා ලැප්ටොප් පරිගණක බෙදාදීම සහ සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් ක්‍රමයට වැඩි සාමාජිකයින් පිරිසක් දායක කරගත් ග්‍රාම නිලධාරිවරුන් සඳහා සහතිකපත් ප්‍රදානයටද කටයුතු සංවිධානය කර ඇත.

මෙම අවස්ථාව සඳහා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු සහ පළාත් සභා මැතිඇමතිවරු සහභාගීවීමට නියමිතය.

Read more

Local News