සරු දිවියට කෘෂි සවියක් කෘෂිකර්ම හා සත්ත්ව පාලන ප‍්‍රදර්ශනය ජනපති ප‍්‍රධානත්වයෙන් අද ඇරඹේ

Share

සරු දිවියට කෘෂි සවියක් කෘෂිකර්ම හා සත්ත්ව පාලන ප‍්‍රදර්ශනය – 2018 ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (06) පෙරවරුවේ හෝමාගම – පිටිපන ගබඩාවත්ත දිස්ති‍්‍රක් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ දී ආරම්භ කෙරිණි.

ජාතික ආහාර නිෂ්පාදන සංග‍්‍රාමයට සමගාමීව බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් එය වාර්ෂිකව සංවිධාන කරයි.

අද සිට 08 වනදා දක්වා පැවැත්වෙන මෙම ප‍්‍රදර්ශනය ප‍්‍රදර්ශන කුටි රැසකින් සමන්විත අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ධීවර අංශය, ඉඩම් අංශය, කෘෂි අධිකාරිය සහ පෞද්ගලික අංශය වශයෙන් එම ප‍්‍රදර්ශන කුටි පවත්වාගෙන යනු ලබයි.

කෘෂිකර්ම හා සත්ත්ව පාලන ක්ෂේත‍්‍රයේ නියුතු වූවන්ට, පාසල් සිසුන්ට හා ගුරුවරුන්ට, ස්වයං රැකියාවල නියුතුවීමට අපේක්ෂා කරන පිරිස් වෙත මෙම ප‍්‍රදර්ශනය ඉතා වැදගත් වන අතර ව්‍යවසායකයන්ට හා කාන්තාවන්ට අවශ්‍ය තාක්ෂණික දැනුම හා තොරතුරු ලබාදීම සහ ගොවීන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදීම මෙම ප‍්‍රදර්ශනය සංවිධාන කිරීමේ අරමුණ බව බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

උදලු තල බෙදාදීමේ වැඩසටහනක් ද මෙම ප‍්‍රදර්ශන භූමියේ දී ජනාධිපතිතුමා අතින් සනිටුහන් කෙරිණි.

Read more

Local News