වැල්ලවාය දෙමටත් රක්ෂිතයේ ගින්නක් – යුද හමුදාව විසින් ගින්න පාලනය කරයි

Share

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇතිලිවැව දෙමටත් ආර රක්ෂිතයේ ඊයේ (6) දහවල් හටගත් ගින්න ඊයේ රාත්‍රි වන විට යුද හමුදාව මැදිහත් වී පාලනය කර තිබෙන බවට වාර්තා ව‌ෙයි.

මෙම රක්ෂිතයේ හටගත් ගින්න නිසා අක්කර විස්සකට වඩා සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර අවට වගා කර තිබූ වගාවන් රැසක්ද ගින්නට හසු වී විනාශ වී තිබේ.

පවතින වියලි කාලගුණය සහ සුලං තත්ත්වය නිසා ගින්න වේගයෙන් පැතිර ගිය අතර ගින්න මැඩපැවැත්වීම සදහා යුද හමුදා නිලධාරීන්ට දැඩි වෙහෙසක් දැරීමට සිදු විය.

Read more

Local News