ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තුට

Share

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තුට හිමිවී ඇති බව වාර්තාවේ.

ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායෙම් ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විතයි. සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් ඇත.

හිටපු නායිකා ශශිකලා සිරිවර්ධන, ඉනෝකා රණවීර, අමා කාංචනා, ප්‍රසාදිනී වීරක්කොඩි, හසිනි පෙරේරා, නිපුනි හංසිකා ද එම සංචිතයට ඇතුළත් වේ.තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – ඉන්දියා කාන්තා කණ්ඩායම් අතර එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන 11 වන දා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත ය.

Read more

Local News