අධි අවදානම් ප්‍රදේශවල ජනතාවට ස්ථිර නිවාස

Share

නුවරඑළිය දිස්ත්‍රික්කය තුල ආපදා තත්ත්වය හේතුවෙන් අධි අවදානම් ප්‍රදේශ වල ජනතාවට ස්ථිර නිවාස ලබා දිම සදහා වැඩසටහනක් රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබිය. මේ සදහා නිවාස 861 ක් සැදීමට අවශ්‍ය මුලික කටයුතු සිදු කරමින් සිටින බව දිස්ත්‍රික් ලේකම් එම්.බී.ආර් පුෂ්පකුමාර මහතා පැවසීය.

වලපනේ, නුවරඑළිය, අඹගමුව, හඟුරන්කෙත සහ කොත්මලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 05 ට අයත් ග්‍රාම සේවා වසම් 78 ක පිඩාවට පත් පවුල් සඳහා මෙලෙස ස්ථීර නිවාස ලබා දිම නියමිතය. මේ අතර වතු ආශ්‍රිත ගම්මාන වල පවුල් 340 ක් ද, මිට ඈතුලත්ය.

එසේම වෙනත් ප්‍රදේශයක තමන් විසින් ඉඩමක් මිලදි ගෙන නිවසක් ඉදිකරන්නේ නම් රුපියල් ලක්ෂ 16 ක් ගෙවීමටද රජය තිරණය කර ඇති බව මෙහිදි අදහස්‍ දැක්වු වාරරිමාර්ග හා ජල සම්පත් සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කපිල ජයසේකර මහතා සදහන් කළේය.ඒ මහතා මේ බව පැවසු යේ පසුගියදා නුවරඑළිය දිස්ත්‍රික් ආපදා සහන සැලසිම සම්බන්ධව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්කාර්යාලයේ පැවති සාකච්ඡාවකදිය.

Read more

Local News