ඉක්වදෝරයේ භූ කම්පනයක්

Share

ඉක්වදෝරයේ මැග්නිටියුඩ් ඒකක 6.3 ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් සිදු වී තිබ‌ෙන බවට විද‌ෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

අමෙරිකානු භූ විද්‍යා ආයතනය පැවසූවේ, භූ කම්පනය මධ්‍යම ඉක්වදෝරයේ සිට කිලෝමීටර 94 ක් දකුණු දිගින් පිහිටි ඇම්බැටෝ ප්‍රදේශයේ හටගෙන ඇති බවයි.

එහි පැල්ම කිලෝමීටර 112 ක් බව වාර්තා වේ. විදෙස් වාර්තාහි සඳහන් වෙන්නේ, මෙම භූ කම්පනයෙන් පසු කම්පන 5 ක් සිදු වූ බවයි.

භූ කම්පනයෙන් මෙතෙක් කිසිදු ජීවිත අහිමිවීමක් වාර්තා වී නොමැති අතර එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව සඳහන් ය.

මේ හේතුවෙන් ප්‍රදේශ රැසකට විදුලිය ඇණ හිට ඇති අතර ගොඩනැගිලි සහ නිවාස රැසක් මින් විනාශ වී ඇත.

Read more

Local News