පොහොර සහනාධාරය 2018 මාස් කන්නය සඳහා ලබා දීම සිදුකරයි

Share

2018 මහ කන්නය පොහොර ලබා දීම පිළිබඳ පොහොර නිකුත් කිරීම පිළිබඳ 2/2018 නව චක්‍රලේඛය සම්බන්ධයෙන් දිවයිනේ සියලුම කෘෂි නිලධාරින් දැනුවත් කිරීමේ වැඩමුළුවක්(07) දින පෙරවරුවේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී පැවැත්විනි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩමුළුවට ජාතික පොහොර ලේකම් කාර්යාලය, ලංකා පොහොර සමාගම, කොමර්ෂල් පොහොර සමාගම ඇතුළු සියලුම අංශ නියෝජනය කරන නිලධාරීහූ සහභාගී වුහ.

විශේෂයෙන්ම රජය නොමිලයේ ගොවීන්ට පොහොර ලබා දෙන අතර, අපේ රටේ පොහොර අධි භාවිතය නිසා ලබාදෙන පොහොරවලින් 30%ක් අපතේ යන බවත්, කඳුකර ප්‍රදේශවල අපතේ යන පොහොර ප්‍රමාණය 50%ක් තරම් ඉහළ මට්ටමක පවතින බව ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් කළ සමීක්ෂණයකින් හෙළිවී ඇතැයි ද අමාත්‍යවරයා පැවසිය
.
කෙසේ වුව ද ගොවීන් වෙත ලබා දීය හැකි සියලු පහසුකම් ලබාදීමට රජය කටයුතු කරන අතර, ලබන වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ වී නිෂ්පාදන අතිරික්තයක් ඇතිවනු ඇතැයි රජය විශ්වාසය පල කරන බවත් කීය.

Read more

Local News