අපිටත් ජල කළමනාකරණය පිළිබඳ ඉතා අභිමානවත් ඉතිහාසයක් තිබුණා – අමාත්‍ය වජිර අබේවර්ධන

Share

” ආපදාවක් ඇතිවුණාම ජීවිත හානි වළක්වාගැනීමත් දේපල හානි අවම කරගැනීමත් අපේ රජයේ අරමුණයි. නැවත කවදාවත් ගිං ගඟ පිටාර ගලා ගංවතුර ඇතිවීම වළක්වන්න මේ පාලන කාලයේ දී අපි පියවර ගන්නවා. ” යැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

” ස්වභාවික ආපදා සිදුවෙනවා. මෙය අපට වැළැක්විය නොහැකියි. නමුත් වළක්වාගත හැකි ආපදා තිබෙනවා. ගංවතුර ආපදාවත් ඒ වගේ දෙයක්. ලෝකයේ සෑම රටක් ම ජලය කළමනාකරණය කරනවා. ගලා යන ආකාරය පාලනය කරනවා. අපිටත් ජල කළමනාකරණය පිළිබඳ ඉතා අභිමානවත් ඉතිහාසයක් තිබුණා. මහවැලි ගඟ අවට ප්‍රදේශ අතීතයේ ජලයෙන් යටවුණා. පසුව මහවැලි ගඟේ මහා ජලාශ ඉදිකළාට පස්සේ ඉන් පහළ ප්‍රදේශ ගංවතුරින් යටවීම වැළකුණා. ගිං ගඟ සඳහාත් මේ වගේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළත් ගිං ගඟ ඉහළ ප්‍රදේශයේ සැළසුම් කළ මහා ජලාශය දේශපාලන හේතු නිසා ඉදිකළේ නැහැ. පහළ ප්‍රදේශයේ දෙපස වේළි දෙකක් ඉදිකරලා ගංවතුර පැතිරීම වැළැක්වුවා. ඒ නිසා අද ගංවතුරින් යටවන ප්‍රදේශය අඩුවෙලා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා බද්දේගම කිරිබතාවිල ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ ඉදිකරන ලද සුරක්ෂිත මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

Read more

Local News