විදේශ සංචාරකයන්ට වැට් බදු ආපසු ගෙවීමට විශේෂ කවුන්ටරයක්

Share

විදේශ සංචාරකයන් ශ්‍රී ලංකාවේ සංචාරය කරන අවස්ථාවේදී වැට් බදු අයකරනු ලබන භාණ්ඩ මිලදී ගත් විට එම භාණ්ඩ සඳහා අයකරනු ලබන 15% ක වැට් බද්ද රටින් බැහැර යන විට ඔවුන් හට ආපසු ගෙවීම අඟහරුවාදා (11) හෙට දින සිට ක්‍රියාත්මක කෙරේ.

මේ සඳහා වන විශේෂ කවුළුවක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිටවීමේ පර්යන්තයේදී අඟහරුවාදා පස්වරුවේදී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා විසින් විවෘත කරනු ලැබේ.

2018 අයවැය යෝජනාවක් සම්පූර්ණ කරමින්, ශ්‍රී ලංකාව ආසියාවේ වෙළෙඳ මධ්‍යස්ථානයක් (Trading Hub) ලෙස ස්ථාපිත කිරීමේ එක් පියවරක් ලෙස විදේශ සංචාරකයින් වඩ වඩාත් ශ්‍රී ලංකාවට ආකර්ශණය කර ගැනීම මෙහි අරමුණවේ.

එසේම සංචාරකයින් වඩ වඩාත් ශ්‍රී ලංකාවෙන් භාණ්ඩ මිලට ගැනීමට නැඹුරුවීම තුළින් භාණ්ඩ සපයන ආයතන වැඩිදියුණු වීමත් ඒ හරහා විදේශ විනිමය ලංකාවට ආකර්ශණය වීමත් සිදු වනු ඇත.

Read more

Local News