ශ්‍රී ලංකා, පාකිස්තාන තරඟාවලියේ නිල ගුවන්විදුලි විකාශයත් සියතට!

Share

ටෙස්ට් තරඟ 2කින් එක්දින තරඟ 5කින් සහ පන්දුවාර විස්සේ තරඟ 3කින් සමන්විත ශ්‍රී ලංකා, පාකිස්තාන තරඟාවලියේ නිල ගුවන්විදුලි විකාශයත් සියතට හිමි වී තිබෙනවා.
මේ තරඟාවලියේ නිල රුපවාහිනී අයිතිය දැවැන්ත මාධ්‍ය මෙහෙවරකින් පසු හිමිකරගනු ලැබුවේ Voice of Asia Network මාධ්‍ය ජාලයේ අප සහෝදර සියත ටීවී නාලිකාවයි.


පසුගිය සතියේ පැවැත්වුන පළමු ටෙස්ට් තරඟය ආරම්භ වීමට ප්‍රථම , මෙම තරඟාවලියේ රේඩියෝ විකාශය කිසිම නාලිකාවක් ලබා ගෙන නොමැති වීම හේතුවෙන් ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට දැවැන්ත අසාදාරණයක් සිදුවන බව වාර්තාවූ අවස්ථාවක සියත FM නාලිකාව ශ්‍රී ලංකා ක්‍රිකට්ලෝලී අසන්නන් වෙනුවෙන් මේ වගකීම භාරගනු ලැබුවේ දිවයින පුරා සිටින ප්‍රේක්ෂකයන්ට නවමු අත්දැකීමක් ලබාදීමේ අරමුණ සහිතවයි. ලබන 13 වෙනිදා ආරම්භ වන ප්‍රථම එක් දින තරඟයෙන් ආරම්භ වන මෙම අත්දැකීමට සවන්දීමට සියත FM 98.2 න් සහ 98.4 න් දිවයින පුරා විසිරි සිටින ඔබ සියලුදෙනාට මෙමගින් හැකියාව ලැබෙනවා.

20

2014 වසරේ බංගලාදේශයේ පැවැත්වුන පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල ගුවන් විදුලි විකාශක විදියට කටයුතු කරනු ලැබූවේද සියත FM නාලිකාවයි. එහිදී ශ්‍රී ලංකාව 2014 පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය දිනා ගැනීමට සමත්වුවා.

Read more

Local News