පුරන් කුඹුරු අස්වැදීමට පියවර නොගන්නා අයිතිකරුවන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියා මාර්ග ගන්නවා – අමාත්‍ය මහින්ද අමරවීර

Share

පුරන් කුඹුරු අස්වැදීමට පියවර නොගන්නා අයිතිකරුවන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියා මාර්ග ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

දැනට අපේ රටේ තිබෙන පුරන් කුඹුරු ප්‍රමාණය 1,40,000 කි. නමුත් ඉන් කුඹුරු 1,14,000ක්ම වගා කළ හැකි ඒවා ය. පසුගිය වසරේ කුඹුරු අක්කර 26,000ක් වගා කිරීමට පියවර ගනු ලැබී ය. නමුත් තාමත් වගා කළ හැකි කුඹුරු විශාල ප්‍රමාණයක් පුරන් වීමට ඉඩහැර ඇත.

ඊළඟ මාස් කන්නය වන විට මෙම සියලු පුරන් කුඹුරු අස්වැද්දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවත් එක්ව විධිමත් වැඩපිළිවෙලක් ආරම්භ කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

මෙම පුරන් කුඹුරු අස්වැද්දීම සඳහා ඊට කැමැත්ත දක්වන තරුණයින්ගේ සහයෝගය ලබා ගන්නා අතර ශ්‍රී ලංකා යුද හමුදාව ද, සිවිල් ආරක්ෂක බලකාය යොදා ගනිමින් එම පුරන් කුඹුරුවල වී පමණක් නොව වගා කළ හැකි සෑම අතුරු බෝගයක්ම වගා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ ය.

මෙවර යල කන්නයේ දී අම්පාර හා පොළොන්නරුවේ කුඹුරු අක්කර ප්‍රමාණයක් කීඩෑ උවදුරට ලක් වුණත්, ලැබෙන අස්වැන්න ඉහළ මට්ටමක පවතී. මොරගහකන්ද කළුගඟ ජලාශ මඟින් අඛණ්ඩව ජලය ලබා දීම නිසා ලබන වසරේ දී වී අස්වැන්න අනිවාර්යයෙන්ම ඉහළ යන බව සඳහන් කළ අමාත්‍යවරයා සහල් අතිරික්තයක් පවා ඇතිවිය හැකි බව ද පැවසිය.

Read more

Local News