එංගලන්තයට දැවැන්ත ජයක්

Share

සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවති තරඟ පහකින් සමවිත ටෙස්ට් තරඟාවලියේ තරඟ හතරට එකක් ලෙස දැවැන්ත ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (11) සමත් විය.

පස්වන ටෙස්ට් තරඟය ඉන්දීය කණ්ඩායම ලකුණු 118 කින් පරාජය කිරීමට එංගලන්ත කණ්ඩායමට හැකිවිය.

අවසන් තරඟයේදී කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 332 ක් රැස් කිරීමට සමත් විය.

ඉන්දීය කණ්ඩායමට සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 292 ක් පමණි.

Read more

Local News