2018 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ ජනපති ප‍්‍රධානත්වයෙන්

Share

ශ‍්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත‍්‍රය පෝෂණය කිරීමට උරදුන් ලේඛක ලේඛිකාවන් රාජ්‍ය සම්මානයෙන් පුදනු ලබන රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ 2018 ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (11) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලවේ දී පැවැත්විණි.

2017 වසරේ ශ‍්‍රී ලාංකීය සාහිත්‍ය ක්ෂේත‍්‍රයට ස්වකීය විශිෂ්ට නිර්මාණ දායකත්වයෙන් කළ සේවාව අගය කරමින් ලේඛක ලේඛිකාවෝ රැසක් මෙහි දී රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබූහ.

මීට අමතරව ශ‍්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත‍්‍රයට අනුපමේය සේවාවක් කළ සිංහල, ඉංගී‍්‍රසි හා දෙමළ මාධ්‍ය සාහිත්‍ය නිර්මාණකරුවන් තිදෙනෙකුට ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන “සාහිත්‍ය රත්න” ගෞරව සම්මානය පිළිගැන්විම ජනාධිපතිතුමා අතින් සිදු විය.

සිංහල මාධ්‍ය වෙනුවෙන් මහාචාර්ය කේ. එන්. ඕ ධර්මදාස මහතා ද, දෙමළ මාධ්‍ය වෙනුවෙන් එම්. පොන්නම්බලම් මහතා ද ඉංගී‍්‍රසි මාධ්‍ය වෙනුවෙන් මහාචාර්ය ගනනාත් ඔබේසේකර මහතා ද එම සම්මානයෙන් පිදුම් ලැබුහ.

රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලය, ශ‍්‍රී ලංකා කලා මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව සංවිධාන කරන සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ 61 වන වරට ය.

Read more

Local News