ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සුරතලා වත්මන් මුදල් අැමති – ඩලස් අලහප්පෙරුම

Share

ඒ්කාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් පා.ම ඩලස් අලහප්පෙරුම මහතා අද මාධ්‍ය හමුවක් කැදවා තිබුණි. ඒහිදි  අලහප්පෙරුම මහතා විසින් පසුගියදා වැඩි වු තෙල් මිල සම්බන්ධයෙන් අදහස් පලකරනු ලැබුවා.

මන්ත්‍රිවරයා වැඩිදුරටත් පැවසුවේ තෙල් මිල සූත්‍රය පිලිබඳව ජනාධිපතිවරයා, ඛනිජතෙල් සංස්ථා වෘත්තිය සමිති, විෂය භාර අමාත්‍යවරයා කැබිනටි අමාත්‍යවරුන් මෙන්ම හිටපු මුදල් අමාත්‍යවරයා කිසිවක් නොදන්නා බවයි. ඒමෙන්ම වත්මන් මුදල් අමාත්‍යවරයා පමණක් මිල සුත්‍රය පිලිබඳව දැනුවත් බවද මන්ත්‍රිවරයා මෙහිදි සදහන් කලා.

කෙසේවෙතත් මෙහිදි ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේ මේ දක්වා සිටි කිසිදු මුදල් අමාත්‍යවරයකු නොකල ක්‍රියාවන් මේ වන විට වත්මන් මුදල් අමාත්‍යවරයා සිදු කරන බවයි.

ඒ අනුව අලහප්පෙරුම මහතා විසින් මුදල් අමාත්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සුරතලා බවද ප්‍රකාශ කළේ ඒ මහතාට සම්මානයක් ද ලැබිය යුුතු බවද පවසමිනි.

Read more

Local News