ek 349 දරණ ගුවන් යානයෙන් සිංගප්පූරුවේ සිට ශ්‍රි ලංකාවට පැමිණි ගුවන් මගියෙකු රැගෙන ඒන ලද සුරතල් මසුන් වර්ග කිහිපයක් අත්අඩංගුවට ගැනිමට කටුනායක රේගු නිලධාරින් සමත් වි තිබේ.
අත්අඩංගුවට ගනු ලැබු මසුන්ගේ වටිනාකම තුන්ලක්ෂ විසිදහසක් බවයි කටුනායක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ විපුල මිනුවමිපිටිය මහතා සඳහන් කළේ.
සතුන් ශ්‍රි ලංකාවට ගැනිම සඳහා බලපත්‍රයක් නොමැතිවිම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනිම සිදුකල බවයි නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.