ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 154 වන ජන්ම සාංවත්සරික ජාතික මහොත්සවය අද ජනපති ප්‍රධානත්වයෙන්

Share

ජනාධිපති ලේකම් කාර්යාලය හා බුද්ධ ශාසන අමාත්‍යාංශය එක්ව සංවිධානය කරනු ලබන අනගාරික ධර්මපාල තුමාගේ 154 වැනි ජන්ම දින සාංවත්සරික ජාතික උත්සවය අද (17) වන දින ප.ව 3.00 සිට 5.00 දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට කටයුතු යොදා ඇති බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

මේ සඳහා ත්‍රෛනිකායික අති පූජ්‍ය මහා නායක ස්වාමීන් වහන්සේලාගේ අනුග්‍රහය ද ලැබෙන බව ඇමතිවරයා පැවසීය.

මීට අමතරව එදින පෙරවරුවේ බොරැල්ල කනත්තේදි ධර්මපාලතුමාගේ භෂ්මාවශේෂ තැම්පත් කර තිබෙන ස්මාරකයට උපහාර දැක්විමක් ද සිදු කෙරේ.

දැහැමි සමාජයක්, දැහැමි පවුලක් බිහිකිරිමේ අරමුණින් එතුමාගේ ආදර්ශ සමාජ ගත කිරිම මෙහි අරමුණ බව ඇමතිවරයා පැවසිය.

Read more

Local News