ජනපති ප්‍රධානත්වයෙන් 30 වන මහවැලි ක්‍රිඩා උලෙළේ් සමාප්ති උත්සවය ඇඹිලිපිටියේ දී

Share

30 වන මහවැලි ක්‍රිඩා උලෙළේ් සමාප්ති උත්සවය ඊයේ (16) පස්වරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇඹිලිපිටිය මහවැලි ක්‍රිඩාංගණයේ දී පැවැත්විණි.

”ස්වයංපෝෂිත යුගයක්” මහවැලි තාරුණ්‍යයට අපමණ අගයක්, තේමාව යටතේ ආරම්භ කෙරුණු ක්‍රිඩා උලෙළ සදහා මහවැලි කලාප 10ක ක්‍රිඩක ක්‍රිඩිකාවන් 3000ක් පමණ එක්වූ අතර, ක්‍රිඩා උලෙළ ඉසව් 42 කින් සමන්විත විය.

සමාප්ති උත්සවයේ දී දක්ෂම ක්‍රිඩකයා, ක්‍රිඩිකාව, හොදම මහවැලි කලාපය ඇතුථ ජයග්‍රාහක කණ්ඩායම් වෙත ජය සංකේත පිරිනැමීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

Read more

Local News