මහානායක පදවියෙන් පිදුම් ලද පූජ්‍ය කොළොන්නාවේ සිරි සුමංගල හිමියන්ට සන්නස් පත්‍ර පිළිගන්වයි

Share

ආචාර්ය පූජ්‍ය කොළොන්නාවේ සිරි සුමංගල ස්වාමින් වහන්සේ වෙත ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සිරි සුමන පාර්ශ්වයේ නව වැනි මහා නායක පදවිය පිළිබඳ සන්නස් පත්‍ර පිළිගැන්වීමේ මහෝත්සවය පැවැත්විණි.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ය.

අභිනව මහානායක හිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී  සන්නස් පත්‍ර පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විජිණිපත පිළිගන්වනු ලැබීය.

Read more

Local News