චීන ගුවන් ගමන් යළි ක්‍රියාත්මකයි

Share

චීනයට බලපා තිබූ අධික වැසි සහිත සුළි කුණාටු තත්වය නිසා එරට බලා පිටත්ව යෑමට නියමිතව තිබූ ගුවන් ගමන් යළි කටුනායක ගුවන් තොටුපොළ සිට ක්‍රියාත්මක කළ බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසිය.

ඒ අනුව 9/16 දින දහවල් 2.30 ට චීනයේ ග්වැන්ෂෝ බලා පිටත්ව යෑමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.880 දරණ ගුවන් යානය 9/17 දින අලුයම 12.20 ට පිටත්ව යෑමට සූදානම් කර තිබූණත් , එම යානය තවදුරටත් පැයක් පමණ ප්‍රමාද වී අලුයම 1.44ට කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබේ. මෙම ගුවන් යානයේ ප්‍රමාද වීම් කාළය පැය 12 කට ආසන්න වී තිබේ.

Read more

Local News