ගාලු කොටුව තුලින් වසර 308ක් ඉපැරණි සොහොන් සහ දිරාගිය අැටසැකිලි කිහිපයක් හමුවෙයි

Share

ගාල්ල කොටුව පිහිටි ගාලු නඟරසභාවට අයත් පැරණි නිල නිවාස පිහිටි භුමිය තුල ඉපැරණි සොහොන් කීපයක්, දිරාගිය මිනිස් සිරුරු කිහිපයක්, මිනිස් අස්ථි පල්දෝරු පද්ධතියක කොටස් සහ මියගිය අයගේ විස්තර සහිත ගල් පුවරු කිහිපයක් හමුවි අැත.

අද දහවල් කරන ලද කැණිමකදි අඩි 5ක් පමණ ගැඹුරින් වලදමා තිබූ මිනිස් සිරුරක මිහිදන්ව තිබූ අස්ථි සියල්ලම හමුවි තිබුණි. නමුත් නිසි පරිදි කැණිම් කිරිමක් ඒම භුමිය තුල දැකගන්නට තිබුනේ නැත.

උදලු, සවල්, අලවංගු අාදි උපකරණ භාවිතයෙන් ඉතා කඩිනමින් නිම කල යුතු අාකාරයකින් සිදු කරන කැණිමක් බව අප වාර්තාකරු සඳහන් කළා.

ඒම කටයුත්ත භාර නිලධාරියා අප සමඟ පැවසුවේ දින 21කින් මෙහි වාර්තාවක් ලබා දියයුතු බවයි. කෙසේ නමුත් ඒහි සේවක පිරිස පුරාවිද්‍යා කැණිමි සඳහා පළපුරුද්දක් සහිත පිරිසක් නොවන බවත් අදාළ ඉඩම් මේ වන විට බදු ගෙන අැති පුද්ගලයා විසින් මෙම සේවක පිරිස ලබා දි අැති බව වාර්තාවේ.

Read more

Local News