අනුරාධපුර – පාදෙණිය මාර්ගයේ අනතුරකින් පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු මරුට

Share

අනුරාධපුර – පාදෙණිය මාර්ගයේ ගල්ගමුව සති පොළ අසලදී සිදුවූ අනතුරකින් පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු මියගොස් තිබේ.

පාදෙණිය දෙසට ධාවනය වූ යතුරු පැදියක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි කැබ් රථයක ගැටීමෙන් ඊයේ රාත්‍රීය‌ේ අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදියේ ගමන් කළ පොලිස් කොස්තාපල්වරු දෙදෙනා ගල්ගමුව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, තඹුත්තේගම සහ අනුරාධපුර පොලීසිවලට අනුයක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකි.

28 හා 32 හැවිරිදි ඔවුන් දෙදෙනා අඹන්පොළ සහ ඇල්පිටිය පදිංචිකරුවන් ය. අනතුර සම්බන්ධයෙන් සැකපිට කැබ් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

Read more

Local News