නෙළුව දික්හේන මාර්ගයේ පාසල් සිසුන් රැගත් ලොරි රථයක් අනතුරට

Share

නෙළුව දික්හේන මාර්ගයේදි පාසල් සිසුන් ප්‍රවාහනය කළ කුඩා ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් වි තිබේ.

එහි සිටි සිසුන් පස් දෙනෙකු තුවාල ලබා අැති අතර ඉන් එක් සිසුවෙකු කරාපිටිය රෝහලේ දැඩි සත්කාර එ්කකයේ ප්‍රතිකාර ලබන බව වාර්තාවේ.

කළුබෝවියන මහා විද්‍යාලයේ 6 සහ 7 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන් පිරිසක් පාසල නිමවි යළි නිවෙස් කරා යාමේදි මෙම අනතුරට මුහුණ පා අැති බවයි නෙළුව පොලිසිය සඳහන් කළේ.

මෙම අනතුරින් පාසල් සිසුන් 5දෙනෙකු අැතුළු 7දෙනෙකු තුවාල ලබා අැති අතර ප්‍රතිකාර සඳහා නෙළුව ප්‍රාදේශිය රෝහලට අැතුලත් කර තිබේ.

ඉන් බරපතල තත්ත්වයේ පසුවු සිසුවෙකු කරාපිටිය රෝහලේ දැඩි සත්කාර එ්කකය වෙත යොමු කල බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෙෙද්‍ය සුසන්ත මහතා ප්‍රකාශ කළේය.

Read more

Local News