එක්සත් ජාතීන්ගේ ගෝලීය ඉලක්ක සපුරන පරිසර හිතකාමී ඇසුරුම්කරණයට අප යොමු විය යුතුයි – රිෂාඩ් බදියුදීන්

Share

කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ ජයගැනීම සඳහා සූදානම් කළ යුතු බවත්, ඒ සඳහා මුද්‍රණ නිමාව හා ඇසුරුම්කරණය ඉතා වැදගත් වන බවත්, ප්‍රමිතියෙන් ඉහළ ශ්‍රී ලාංකීය අනන්‍යතාව සහිත මුද්‍රණ හා ඇසුරුම් අපනයන මගින් ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් හොඳ ආදායමක් උපයාගත හැකි බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව (BMICH) හි පැවති “Lanka Pak 2018” මුද්‍රණ හා ඇසුරුම්කරණ ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

Read more

Local News