මාතලේ විශේෂ සෝදිසි මෙහෙයුමකදී පුද්ගලයින් 30ක් අත්අඩංගුවට

Share

මාතලේ දිස්ත්‍රික්කයට අයත් පොලිස් ස්ථාන හතරක පැය 12 ක සිදුකෙරුණු විශේෂ සෝදිසි මෙහෙයුමකදී විවිධ වැරදි චෝදනා යටතේ පුද්ගලයන් තිස් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

දඹුල්ල, ගලේවෙල, සීගිරිය, නාවුල යන පොලිස් ස්ථාන එක්ව ඊයේ (18) මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.

ඒ අනුව ගංජා ළඟ තබා ගැනීම, ගංජා ඇලවිය, හෙරොයින් ළඟ තබා ගැනීම, නීති විරෝධී මත්පැන් ජාවාරම, අනවසර වැලි ගොඩ දැමීම, අධිකරණය මග හැර යෑම, බීමත්ව අශෝභන ලෙස හැසිරීම, යන චෝදනා යටතේ මෙසේ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබේ.

Read more

Local News