යාපනයේ ප්‍රාදේශීය නිල මෙහෙවර වැඩසටහන් අටක් අවසන්

Share

මෙතෙක් විවාහ නොවී පවුල් කෑ අඹු සැමි ජෝඩු 100ක් යානයේ දී විවාහ කර දීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට හැකිවූ බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

යාපනය දිස්ත්‍රික්කයේ ජනතා ගැටලු ලක්ෂ දෙකකට වඩා හඳුනාගෙන ඇති බවත් පසුගිය සිකුරාදා (14) සිට සඳුදා (17) දක්වා ගත වූ දින හතරේ දී පමණක් ගැටලු 12,000ක් පමණ විසඳා අවසන් කළ බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ යාපනය දිස්ත්‍රික්කයේ නිල මෙහෙවර ජනපති ජනතා සේවය ජාතික වැඩසටහන යටතේ දැනටමත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අටක නිල මෙහෙවර ප්‍රාදේශීය වැඩසටහන් සාර්ථකව අවසන් කළ හැකි වූ බවයි. සිකුරාදා දිනයේ කෝපායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේත්, සෙනසුරාදා තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේත්, ඉරිදා යාපනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සහ සඳුදා වේලනෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මෙලෙස නිල මෙහෙවර වැඩසටහන් පවත්වන ලදී.

Read more

Local News