Tuesday, March 19, 2024.

රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන පරීක්ෂණ කඩිනමින් අවසන් කිරීමට පියවර

Share

රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන පරීක්ෂණ කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද රහස් පොලිසියට නියම කරනු ලැබිය.

එම පැමිණිල්ල අද අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී රහස් පොලිසිය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණයට දන්වා සිටියේ මෙය සංකීර්ණ පරීක්ෂණ කටයුත්තක් බැවින් එය අවසන් කිරීමට තවදුරටත් කල් ලබා දෙන ලෙසයි.

ඊට ප්‍රතිචාර දක්වමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා පෙන්වා දුන්නේ මෙම පරීක්ෂණවල ප්‍රමාදයක් පවතින බව තමන්ට පෙනී යන බවයි.

මෙම පරීක්ෂණය ආරම්භ වී තිබෙන්නේ 2012 වසරේ සිට බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා මේ ආකාරයෙන් පරීක්ෂණ පමා වීම තුළින් විත්ති පාර්ශ්වයට දැඩි අගතියක් සිදුවන බව කියා සිටියා.

ඒ අනුව මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට නියෝගයක් නිකුත් කරමින් කියා සිටියේ මීළඟ නඩු දිනයේදී මෙම සැකකරුවන්ට එරෙහිව පවතින සාක්ෂි මොනවාද යන්න පිළිබඳව සාක්ෂි සම්පිණ්ඩනයක් අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු බවයි.

එමෙන්ම සැකකරුවන්ට ඉදිරිපත් කිරීමට යන චෝදනා මොනවාද යන්න පිලිබඳවද මීළඟ දින කරුණු දක්වන මෙන් නියම කළ මහේස්ත්‍රාත්වරයා මෙම මෙම පැමිණිල්ල නැවත නොවැම්බර් මස 29 වනදා කරවන මෙන් නියම කරණු ලැබුණි.

Read more

Local News