Tuesday, March 19, 2024.

රසකැවිලිවල සීනි ප්‍රමාණය පැකට්ටුවේ අනිවාර්යෙන් සඳහන් කළ යුතුයි – සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න

Share

වෙළඳපොලේ විකිණීමට ඇති සියලුම රසකැවිලිවල අඩංගු සීනි ප්‍රමාණය එහි පැකට්ටුවේ අනිවාර්යෙන් සඳහන් කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

මේ සඳහා වන විශේෂ ගැසට් පත්‍රය තව නොබෝ දිනකින් ප්‍රකාශයට පත් කරන බවත් මෙමගින් රජය බලපොරොත්තු වන්නේ දිනෙන් දින ඉහළ යන දියවැඩියාව රෝගයෙන් ජනතාව මුදා ගැනීමට බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුයේ අරලියගහ මැදුරේදී සිසු හෙද හෙදියන් 1500 දෙනෙකු වෙත පත්වීම් ලිපි ප්‍රදානයට එක්වෙමිනි.

Read more

Local News