සෞඛ්‍ය අැමැති හෙට ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරට

Share

එක්සත් ජාතීන්ගේ සැසිවාරයට සමගාමීව පැවැත්වෙන ක්ෂය රෝගය මර්දනය කිරිම සහ බෝනොවන රෝග පාලනය කිරීම පිළිබ ජගත් සමුළුවට සහභාගිවීම සදහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා හෙට (22) ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යාමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ සැසිවාරයට සහභාගිවන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මෙම සමුළුවට එක්වීමට නියමිතව ඇත.
ක්ෂය රෝගය පාලනය කිරිම පිළිබඳ සමුළුව ලබන 26 වන දා ද, බෝනොවන රෝග පාලනය කිරීම පිළිබඳ සමුළුව ලබන 27 ද පැවැත්වීමට නියමිතය.

ලෝකයේ එක් එක් රටවල් ක්ෂය රෝගය සහ බෝනොවන රෝග පාලනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී කරුණු ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. බෝනොවන රෝග පාලනය කිරිම සඳහා රජය ගෙන ඇති වැඩපිළිවෙල පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී දේශණයක් පැවැත්වීමට ද නියමිතව තිබේ.
මෙම සමුළුවෙන් පසු සෞඛ්‍ය අමාත්‍යවරයා ස්විස්ටර්ලන්තයේ ජීනීවා නුවර පැවැත්වෙන දුම්කොළ පිළිබ ජාත්‍යන්තර ප්‍රඥප්තියේ ප්‍රධාන සමුළුවට සහභාගිවීමට නියමිතව ඇත. එම සමුළුව ආරම්භ වන්නේ ඔක්තෝබර් මස 01 දායි.
දුම්කොළ පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියේ සහන් කොන්දේසි 06 ඉටු කිරිමට සෞඛ්‍ය අමාත්‍යවරයා මේ වන විට සියලු පියවර ගෙන ඇත.

එම කොන්දේසි වලින් තනි සිගරට්ටුව අලෙවි කිරීම තහනම් කිරීමේ කොන්දේසිය හැර අනෙකුත් සියලුම කොන්දේසි ඉටු කර ඇති අතර, ඒ පිළිබව ජගත් ප්‍රජාව දැනුවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී බලාපොරොත්තු වෙයි. සිගරට් පැකට් තුල රූපමය අවවාද සියයට 80 දක්වා වැඩි කිරිම, දුම්කොළ බදු සියයට 90 දක්වා වැඩි කිරිම, දුම්වැටි දැන්වීම් තහනම් කිරිම, ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය තහනම් කිරිම, ගොඩනැගිලිවල දුම්බොන කලාප සැකසීම, දුම්කොළ වගාව වෙනුවට වෙනත් බෝග වගා ගොවීන්ට හදුන්වා දීම එම කරුණු අතර වේ.

නීති විරෝධී සිගරට් ආනයනය තහනම් කිරීමේ ප්‍රඥප්තියට ද ශ්‍රී ලංකාව අත්සන් කර ඇත. අග්නිදිග ආසියානු රටවලින් එම ප්‍රඥප්තියට අත්සන් කළ ප්‍රථම රට ශ්‍රී ලංකාව වීම ද විශේෂත්වයක් වෙයි.

Read more

Local News