සිව් වන වරටත් ජගත් සමුළුව ඇමතීමට ජනපති ඇමරිකාවට

Share

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය ඇමතීම සඳහා ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස ඊයේ(22) රාත්‍රීයේ අමෙරිකාව බලා පිටත්ව ගියේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(23) අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට ළඟාවීමට නියමිතව තිබේ.

එක්සත් ජාතීන් සියලුම ජනතාවට සමීප කරවීම සහ සාධාරණ සාමකාමී සහ තිරසර සමාජයක් සදහා වූ ගෝලීය නායකත්වයේ සාමූහික වගකීම යන තේමාව යටතේ මෙවර සැසිවාරය පැවැත්වේ. එය ලබන 25 වැනිදා ආරම්භ වීමට නියමිතය.

Read more

Local News