තංගල්ල වාඩිගල ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට

Share

අද (23) පෙරවරු 11.15 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

සම්පුර්ණයෙන් මුහුණු ආවරණය කරගත් හිස්වැසුම් පැළඳ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ එහි හිමිකරු වන 42 හැවිරිදි පුද්ගලයෙකු බව සඳහන්ය.

සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා තංගල්ල පොලිසිය විමර්ශන සිදුකරයි.

Read more

Local News