එකම පවුලේ මවක සහ දියණියන් දෙදෙනෙකු මෝටර් රථයක ගැටී ජීවිතක්ෂයට

Share

පොතුවිල් – අක්කරපත්තු මාර්ගයේ පා ගමනින් යමින් සිටි එකම පවුලේ මවක සහ දියණියන් දෙදෙනෙකු ඊයේ (24) සවස මෝටර් රථයක ගැටී ජීවිතක්ෂයට පත්වී තිබෙන බව ප‌ොලිසිය සඳහන් කළ‌ේය.

පොතුවිල් – අක්කරපත්තු මාර්ගයේ කුඥ්ඥංඕඩේ පාලම අසලදී සිදුවූ මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ 34 හැවිරිදි මවක් සහ වයස අවුරුදු 6 ක් සහ 12 ක් වන දියණියන් දෙදෙනෙක්.

එහිදී බරපතල තුවාල ලැබූ පිරිමි දරුවෙකු රෝහල් ගතකර තිබෙන අතර අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගනු ලැබූ බවයි පොලීසිය සඳහන් කළේ.

Read more

Local News