අම්බලන්තොට අනතුරකින් එකම පවුලේ සිවු දෙනෙකු රෝහලට

Share

තිස්සමහාරාම, මාතර ප්‍රධාන මාර්ගයේ අම්බලන්තොට දෙහිගලන්ද ප්‍රදේශයේදී ඊයේ (24) රාත්‍රී සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ සිවු දෙනෙකු තුවාල ලබා හම්බන්තොට මහා රෝහලට ඇතුළත් කර තිබේ.

අම්බලන්තොට සිට හම්බන්තොට දෙසට ධාවනය වූ කැබ් රථයක් ත්‍රිවිල් රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.

අම්බලන්තොට පොලීසිය සඳහන් කළේ, අනතුරට හේතුව කැබ්රථ රියදුරාගේ අධික වේගය බවයි.

Read more

Local News