බුලත් විටක මිල ඉහළ දැමීමට තීරණය ක‌ෙ‌රේ

Share

නිෂ්පාදන වියදම වැඩි බව පවසමින් රුපියල් 30 ක්ව පැවති බුලත් විටක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට   අලෙවිකරුවෝ තීරණය කොට තිබ‌ෙන බවට වාර්තා ව‌ෙයි.

ඒ අනුව දිවයින පුරා රුපියල් තිහකට අලෙවි වූ බුලත්විටක් රුපියල් 40 කට අලෙවි කරන බව ජනතාව පවසති.

පුවක් ගෙඩියක් රුපියල් හතරක තොග මිලකට අලෙවි වන බවත් බුලත් කොළයක තොග මිල රුපියල් තුනක් වන බවත් නිෂ්පාදකයෝ පවසති. දිනෙන් දින සියලුම පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ ගිය ද බුලත් විටක මිල වසර ගණනාවක සිට රුපියල් තිහකට අලෙවි කළ බවත් ඔවුහු පවසති.

නිෂ්පාදන වියදම අධික වීම හේතුවෙන් බුලත්විට අලෙවි කිරීම තුළින් පාඩු සිදුවන බවත් එම නිසා රුපියල් 10 කින් ඉහළ දැමීමට සිදු වූ බව ඔවුහු වැඩිදුරටත් සඳහන් කර සිටිති.

Read more

Local News