ඕමන්ත දුම්රිය අනතුරින් තුවාල ලැබු දැරිය ස්වීඩනයට

Share

වවුනියාව, ඕමන්ත පණ්රිකෙයිකුලම ප්‍රදේශයේ පසුගිය 16 වැනිදා සිදුවු දුම්රිය අනතුරින් තුවාල ලබා වවුනියාව රෝහලේ ප්‍රතිකාර ලැබු වයස අවුරුදු හයක් වු කමලානාදන් ජෙසිකා දැරිය ස්වීඩන් රාජ්‍ය වෙෙද්‍යවරුන් කණ්ඩායමක් ප්‍රතිකාර සඳහා ඊයේ(24) සවස සිය රටට ගෙනයාමට කටයුතු කරනු ලැබිය.

ඥාතීන්ගේ ඉල්ලීම අනුව ස්වීඩන් රාජ්‍යයේ සිට පැමිණ වෛද්‍යවරුන් කණ්ඩායමක් කටුනායක ගුවන්තොටුපොළ සිට වවුනියාව දක්වා හෙලිකොප්ටරයක් මඟින් පැමිණ,දැරිය වවුනියාව රෝහලෙන් භාර ගෙන සිට රටට ගෙනයාමට කටයුතු කරනු අැත.

දුම්රිය අනතුරින් අදාළ දැරියගේ මව වන වයස අවුරුදු 30 ක් වු කමලනාදන් ශිවරංජනා නැමැත්තිය ජිවිතක්ෂයට පත්ව අැති අතර, දැරියගේ පියා වන වයස අවුරුදු 34 ක් වු ජේමිස් කමලනාදන් නමැත්තා අනතුරින් තුවාල ලබා යාපනය රෝහලේ ප්‍රතිකාර ලබයි.

ස්වීඩන් රාජ්‍යයේ පුරවැසියන් වන අදාළ කණ්ඩායම නිවාඩුව සඳහා යාපනය ඩෙල්ෆ් ප්‍රදේශයට පැමිණ අනතුරුව සිට ඥාතීන් බැලීම වෙනුවෙන් කාර් රථයකින් වවුනියාව පණ්රිකෙයිදකුලම ප්‍රදේශ‍යට පැමිණිමේදී අදාළ කාර්රථය යාපනය සිට මාතර බලා ධාවනය වු දුම්රියේ ගැටි තිබේ.

Read more

Local News