නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයාට ප්‍රසාදය

Share

මාලදිවයිනේ හිටපු ජනාධිපති, අබ්දුල්ලා යමීන් මැතිතුමා සමඟ ඊයේ (24) දුරකථනයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡා කර තිබේ. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව අග්‍රමාත්‍යවරයා මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයා වෙත ප්‍රසාදය පිරිනමා ඇත.

ප්‍රවෘත්ති නිවේදනය

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාලදිවයිනේ හිටපු ජනාධිපති, අබ්දුල්ලා යමීන් මැතිතුමා සමඟ ඊයේ (24) දුරකථනයෙන් සාකච්ඡා කළේය. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව වික්‍රමසිංහ මහතා යමීන් මහතා වෙත ප්‍රසාදය පිරිනැමිය. එසේම ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාව එතුමා සාදරයෙන් පිළිගන්නා බව ද සඳහන් කළේය.

අද උදෑසන අග්‍රාමාත්‍යවරයා, මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ඊබ්‍රහීම් මොහොමඩ් සෝළි මැතිතුමා දුරකථනයෙන් අමතමින් එතුමාගේ ජයග්‍රහණය නිමිත්තෙන් සුබ පැතුම් පිරිනැමීය.

ඊයේ සවස් වරුවේ දී මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මැතිතුමා අරලියගහ මන්දිරයට පැමිණ වික්‍රමසිංහ මහතා හමුවිය. මාලදිවයිනේ දේශපාලන තත්ත්වය මෙන්ම කලාපීය දේශපාලන කටයුතු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කරන ලදී. ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් විසින් මාලදිවයිනේ සිදුකර ඇති ආයෝජන අගය කළ අතර,තවදුරටත් මාලදිවයිනේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සහයෝගය අපේක්ෂා කරන බව ද එහිදී නෂීඩ් මැතිතුමා පෙන්වා දුන්නේය.

හිටපු ජනාධිපති නෂීඩ් මැතිතුමා මාලදිවයිනේ නව ජනාධිපතිවරයා දිවුරුම් දෙන අවස්ථාවට එක්වන ලෙස අග්‍රාමාත්‍යවරයාට ආරාධනා කරන ලදී.

Read more

Local News