උඩරට මැණිකේ දුම්රියේ ගැටී පුද්ගලය‌ෙකුට බරපතළ තුවාල

Share

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ ගැටී අයෙකුට බරපතළ තුවාල ලබා ඇති බව හැටන් පොලීසිය පවසයි.

අද (25) උඩරට මැණිකේ දුම්රිය හැටන් දුම්රිය ස්ථානයට නුදුරු හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පු දුම්රිය ආරක්ෂිත ගේට්ටුව අසලදී මෙම පුද්ගලයා දුම්රියේ ගැටී ඇති බව වාර්තා වෙයි.

දුම්රියේ ගැටිමෙන් තුවාල ලැබු පුද්ගලයා එම දුම්රියේ ආරක්ෂිත නිලධාරින් විසින් එම දුම්රියෙන්ම හැටන් දුම්රිය ස්ථානයට රැගෙන ගොස් බාර දී තිබේ.

දුම්රියේ ගැටි තුවාල ලැබු පුද්ගලයා පිළිබඳව තොරතුරු අනාවරණය වී නොමැති අතර, ඔහු අධික ලෙස බිමත්ව සිටි අයෙකු බවට තහවුරු වි ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරෙන් බරපතළ ලෙස තුවාල ලැබු අය දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, ඔහුගේ තත්ත්වය බරපතල නිසා වැඩි දුර ප්‍රතිකාර සඳහා තුවාලකරු මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත.

Read more

Local News