වතු පාලන අධිකාරියට එරෙහිව වතු කම්කරුවන් සිදුකළ විරෝධතාවය අවසන්

Share

මඩොල්සිම වැවිලි සමාගමට අයත් බගවන්තලාව කර්කස්වොල්ඩ් වතු යායේ වතු කම්කරුවන් අද (25) උදැසන වතු පාලන අධිකාරියට එරෙහිව පැය දෙකක කාලයක් වැඩ වර්ජනය කරමින් විරෝධතාවයක නිරත විය.

දිනක රු. 730 වැටුප සඳහා පැය 5 ක කාලයක් අමු තේ දළු කිලෝ 13 ක් නෙලන ලෙසත් පස්වරුවේ පැය 3 කාලයක් තේ දල්ලේ රිකිල්ල කිලෝ 5 ක් නෙලන ලෙස පාලන අධිකාරිය මගින් වතු කම්කරුන්ට උපදෙස් ලබා දි තිබේ.

විරෝධතාවය දැක්වු වතු කම්කරුවන් කියා සිටින්නේ වතු පාලන අධිකාරිය ඉල්ල පරිදි රිකිලි තේ දළු කිලෝ 5 ක් පැය 3 කාලයක් තුල නෙලිමට නොහැකි බවයි.

එසේ රිකිලි තේ දළු කිලෝ 5 ක් නෙලිමට නොහැකි වුවහොත් වතු පාලන අධිකාරිය මගින් දිනක වැටුපට ග‌ෙවිය යුතු රු.730 ව‌ෙනුවට රුපියල් 520 ක වැටුපක් පමණක් ලබාද‌ෙන බවයි විරෝධතාවය දැක්වු වතු කම්කරුවන් කියා සිටිය‌ේ.

විරෝධතාවය දැක්වු වතු කම්කරුවන් හමුවට පැමිණි එම වතුයායේ සහකාර වතු අධිකාරිවරයෙකු විරෝධතාකරුවන් සමඟ සාකච්ඡා කර වතු පාලන අධිකාරියට මේ සම්බනධයෙන් දැනුම් දි එයට විසදුමක් ලබාදීමට පොරොන්දු විම නිසා වැඩ වර්ජනය අත්හැර සුපුරුදු පරිදි දෛනික කටයුතු සදහා වාර්තා කිරිමට විරෝධතාවයේ නියැලුණු වතු කම්කරුවන් කටයුතු කළ‌ේය.

ක‌ෙ‌සේව‌ෙතත් වතු කම්කරුවන්ග‌ේ ඉල්ලීම් වලට වතු පාලන අධිකාරිය විසඳුම් ලබා දීමට තිරණය කිරීමත් සමඟ විර‌ෝධතාකරුවන් විසිර ගියහ.

Read more

Local News