ස්වීඩන් අගමැති විශ්වාසභංගයෙන් පරාජයට පත්ව‌ෙ‌යි

Share

ස්වීඩනයේ අගමැති ස්ටෙෆාන් ලොවන්, එරට විශ්වාසභංගයෙන් පරාජයට පත්ව තිබේ.
මෙම විශ්වාසභංගය පැවැත්වීමේ අරමුණ වී ඇත්තේ රාජ්‍ය නායකයා ඉවත්කර පාර්ලිමේන්තුව විසුරවා හැරීමයි.
පාර්ලිමේන්තුවේ සභිකයන් 349 දෙනෙකුගෙන් ඔහුට විරුද්ධව ඡන්ද 204ක් ද ඔහුට පක්ෂව 142ක් ද හිමිවිය.
ඔහුගේ ඉවත්වීමත් සමඟ අගමැති තනතුර සඳහා නව අපේක්ෂකයෙකු පත්කිරීම පිළිබඳ ස්වීඩන් පාර්ලිමේන්තුවේ කතානායක ඇන්ඩ්‍රේස් නෝලෙන් පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කිරීම ආරම්භ කර තිබේ.
ඉදිරි සතියේ දී අගමැති තනතුර සදහා නව අපේක්‍ෂකයෙකු ඒ අනුව පත් කිරීමට නියමිතය.

Read more

Local News