ගාලු ඕලන්ද පාලම පුරාවිද්‍යාත්මක වටිනාකමට හානියක් නොවන පරිදි සියලු දෙනාගේම එකඟත්වය මත පාලම ඉදි කිරිම ආරම්භ කළ යුතුයි – විජයදාස රාජපක්ෂ

Share

ගාල්ල දුම්රියපොල අසළ පැරණි ඕලන්ද පාලම අලුත් වැඩියා කිරිමේදි එහි පෞරාණිකත්වයට හානිවන බවට මාධ්‍ය මගින් පෙන්වා දිමෙන් පසු එහි අලුත් වැඩියා කිරිමේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය විසින් පසුගිය අගෝස්තු(08) සිට තාවකාලිකව නතර කරනු ලැබුණි. පසුව පාලම නිරික්ෂණය කිරිම උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පසුගියදා සිදු කළේය.

පාලම නිරික්ෂණය කිරිමෙන් පසු අමාත්‍යවරයා කියා සිටියේ, පුරාවිද්‍යාත්මක වටිනාකමට හානියක් නොවන පරිදි සියලු දෙනාගේම එකඟත්වය මත පාලම ඉදි කිරිම ආරම්භ කළ යුතු බවයි

Read more

Local News