ගාලු කතිකාව – 2017 හෙට සහ අනිද්දා

Share

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන ගාලු කතිකාව – 2017 ජාත්‍යන්තර සාගරික සම්මන්ත්‍රණය හෙට (09) සහ අනිද්දා (10) යන දෙ දින ගාලු මුවදොර හෝටලයේ දී පැවැත්වීමට නියමිතය.

ශක්තිමත් සාගරික දෘෂ්‍යතාවක් තුලින් ශක්තිමත් සාගරික ආරක්‍ෂාවක් යන තේමාව යටතේ 8වන වරටත් පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණය රටවල් 38ක සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතය.

2010 වසරේදී ආරම්භ වී 2017 වසර වනවිට මෙහි පාර්ශවකරුවන්ගේ සංඛ්‍යාව 100 සිට 200 දක්වා වැඩිවීම තුලින් ඉන්දියානු සාගර කලාපයේ ක්‍රියාකාරකම් කෙරෙහි කලාපීය සහ කලාපීය නොවන පාර්ශවකරුවන් දක්වනු ලබන උනන්දුව මැනවින් පෙන්නුම් කෙරේ.

 

Read more

Local News