ස්පාර්ක් 18 අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

Share

කොළඹ රාජකීය විද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන නව නිපැයුම් ප්‍රදර්ශනය ‘ස්පාර්ක් 18’ විදුහල් පරිශ්‍රයේදී ආරම්භ විය.

මෙම ප්‍රදර්ශනය සැප්තැම්බර් 28 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

‘ස්පාර්ක් 18’ උදෑසන 9 සිට සවස 3.30 දක්වා මහජනතාව වෙනුවෙන් නොමිලේ විවෘතව තිබේ.

අනාගත පරම්පරාවේ පරිකල්පන ශක්තිය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් සංවිධාන කරනු ලබන මෙම ප්‍රදර්ශනය සඳහා නව නිෂ්පාදන 600 කට අධික ප්‍රමාණයක් ඉදිරිපත් කරනු ලැබ ඇති අතර නවතම පර්යේෂණ සහ සංවර්ධන ව්‍යාපෘති සමඟින් ත්‍රිවිධ හමුදාව ද ‘ස්පාර්ක් 18’ සමඟින් එක්ව සිටී.

ජනපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය, මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය අනුමැතිය යටතේ සංවිධාන කරනු ලබන මෙම ප්‍රදර්ශනය අද ආරම්භ කෙරුණේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙනි.

Read more

Local News