ආසියානු කුසලාන අවසන් තරඟයට බංග්ලාදේශය සුදුසුකම් ලබයි

Share

බංග්ලාදේශය ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරඟයට සුදුසුකම් ලබා ගෙන තිබේ. ඒ, පකිස්ථානය පරාජය කරමිනි.

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරඟයට සුදුසුකම් ලබන දෙවැනි කණ්ඩායම තීරණය වූ තීරණාත්මක තරඟය අබුඩාබිහිදී ඊයේ පැවැත්විය.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ ක්‍රීඩකයින් පන්දු වාර 48 යි පන්දු 5 ක් තුළදී සියලූදෙනා දැවී ලකුණු 239 ක් රැස් කළා.

ක‌ෙ‌සේ ව‌ෙතත් තරඟයේ නියමිත පන්දුවාර 50 අවසන් වන විට පකිස්ථානය කඩුලු 9ක්දැවී ලකුණු 202ක් රැස් කරගෙන සිටියේ ය.

තරගාවලියේ අවසන් තරඟය ඉන්දියාව සහ බංග්ලාදේශය අතර හෙට (28) පැවැත්වීමට නියමිත වේ.

Read more

Local News