පිදුරංගලදී අඩ නිරුවත් ඡායාරූප ගත් තරුණයින් තිද‌ෙනා රිමාන්ඩ්

Share

ඓතිහාසික සීගිරිය පිදුරංගල රජමහා විහාරස්ථානයට අයත් පර්වත මුදුනේ සිට අඩ නිරුවත පෙන්වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් තිදෙනා ලබන මස 3 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

දඹුල්ල මහේස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතා විසින් අද (27) නියෝග කළේය.

මෙලෙස බන්ධනාගාර ගත කර ඇත්තේ ගලේවෙල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයන් තිදෙනෙකි.

මෙම සැකකරුවන් සීගිරිය පොලීසිය ඊය‌ේ 26 දින පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.

Read more

Local News